සෞඛ්‍ය සේවයට ඇතුළත් වන වෛද්‍යවරියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
එහි සහකාර ලෙක්ම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ වන විට වෛද්‍යවරුන් 23,000ක් පමණ සේවයේ නිරතව සිටින බවයි.
ඉන් අඩකට වැඩි ප්‍රමාණයක් වෛද්‍යවරියන් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ප්‍රධාන සැකකරු අද දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අද දින සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුගේ සහෝදරිය සහ තවත් සැකකරුවෙකු ද අද දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.