පසුගිය සිකුරාදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැද වූ මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමේ සිද්ධිය දෙපාර්ශවය විසින් සමතයකට පත් කරගෙන ඇති බව පොලීසිය පවසනවා.
මුල්ලේරියාව, අඹතලේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන කොළඹ දෙසට ධාවනය කිරීමේදී එම යතුරු පැදියේ පිටුපස අදාළ මෝටර් රථයේ ඉදිරිපස ගැටී තිබෙනවා.
එම මෝටර් රථය නොනවත්වා ධාවනය කරන අවස්ථාවේදී අදාළ යතුරු පැදිකරු මෝටර් රථයට ඉදිරියට යා නොදී සිය යතුරු පැදිය ධාවනය කරමින් එය නතර කර ගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය පැවසුවේ.
කොටිකාවත්ත මංසන්ධිය ආසන්නයේදී එම යතුරු පැදිය පිටුපසින් ආ මෝටර් රථයේ නැවත වරක් ගැටී ඇති අතර ඒ හේතුවෙන් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවගේ පාදයක වළලුකර ප්‍රදේශයේ තැලීම් සිදුව ඇති බවද පොලීසිය පැවසුවා.
පසුව අදාළ යතුරු පැදිකරු මෝටර් රථය නවත්වා පොලීසියට දුරකතනය ඔස්සේ සිද්ධිය දන්වා එය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබූ අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා.
පසුව දෙපාර්ශවය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමතයකට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අදාළ මෝටර් රථය ධාවනය කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක් බවද පොලීසිය සඳහන් කළා.