Tuesday, March 18, 2025

General line - 0115112241

දේශබන්දු ගොනුකළ පෙත්සමේ තීන්දුවට පෙර ඔහුගෙන් තවත් මෝසමක්

උදය කුමාර



වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඒ මහතාගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම මෝසම මගින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙනවා.