Tuesday, March 18, 2025

General line - 0115112241

ත්‍රිකුණාමලයේදී මෝටර් රථයක් කොල්ලකෑ දෙදෙනෙකු අත්අඩංගුවට



මෝටර් රථයක්, මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු ත්‍රිකුණාමලය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරය අසල මුවන් නැරඹුන් ස්ථානයට පැමිණි යුවළක් බිය ගන්වා පුද්ගලයන් තිදෙනෙකු විසින් එම මෝටර් රථය, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබුණේ ඊයේ දයවල් කාලයේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ත්‍රිකුණාමලය පොලීසිය කින්නයා පාලම අසලදී කොල්ලකන ලද මෝටර් රථය සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 35 යන වයස්වල පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු හා පැහැරගත් අනෙක් දේපළ අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.