ආරච්චිකට්ටුව පොලිස් වසමේ හේන්කට්ටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා මුන්දලම හා හලාවත රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.
නිකවැරටිය සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක ඉදිරි දුණු කොළ කැඩීයාම හේතුවෙන් රියදුරට බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණුපස කඩයක හා මාර ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
පිරිමි පුද්ගලයන් 08 දෙනෙකු සහ කාන්තාව 03 දෙනෙකු එහිදී තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.