Sunday, April 13, 2025

General line - 0115112241

වන අලි ප්‍රහාරයකින් කහටගස්දිගිලියේ පුද්ගලයෙකු මරුට

සජිත් ගයාන්



කහටගස්දිගිලිය, මීමින්නාවල, දඹගොල්ල ගම්මානයේ පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමෙන් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය, මීමින්නවල, දඹගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක්.

එම පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග බඩඉරිඟු කැඩීමට සිය හේනට ගොස් සිටි අවස්ථාවේදී එලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.