මඩකලපුව, වෙල්ලාවලි පොලිස් වසමට අයත් පලෙයියාඩිවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයකින් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අද අලුයම 02.00ට පමණ පලෙයියාඩිවත්ත ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් සිදුකල පරීක්ෂාවකදීයි.
අදාළ ජීප් රථයේ තිබී පුපුරණ ද්‍රව්‍ය, වයර් සහ දියර වර්ගයක් අඩංගු බෝතල් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගෙන ඇති එම ජීප් රථය ජනාධිපති ආරක්ෂක ඒකකයට අයත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් නිධානයක් ලබා ගැනීමේ අරමුණින් එම ප්‍රදේශයට පැමිණෙන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.