අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන එම සැකකරු අද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවටයි.
ඉන් අනතුරුව අදාල චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.
එම අධිචෝදනා පවරා පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරුන් එහිදී අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
ඉන් අනතුරුව එම නඩු විභාගය අප්‍රේල් මස 04 වනදා පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.