හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදරිපත් කිරීමෙන් අනතුරුවයි. කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකස් කර විකුණූ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 05 වනදායි.
මේ අතර මෙම සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.