Tuesday, March 18, 2025

General line - 0115112241

දේශබන්දු සඟවාගෙන සිටිනවා ද? - ටිරාන් අලස් නෙත් නිවුස් වෙත උත්තර දෙයි



අධිකරණය මගින් සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නිවසේ සගවාගෙන සිටින බවට පැතිර යන පුවත අසත්‍ය බව හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අදාළ කරුණ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා කියා සිටියේ මේ දිනවල සමාජ මාධ්‍යවල තම නම ඈදා ගනිමින් ඇතැමුන් විහිලු සපයමින් සිටින බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාව සිය නිවස තුළ සගවාගෙන සිටීමට තරම් තමන් මෝඩයෙකු නොවන බවද ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.