මියන්මාරයේ, මයාවාඩිහි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු බේරාගෙන තිබෙනවා.
ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාරයේ සහ තායිලන්ත රජයේ ද සහාය ඇතිවයි.
මෙම ශ්‍රී ලාංකිකයන් 14 දෙනා අද දින ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමට නියමිතයි.
ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සහ ආරක්ෂිතව නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මියන්මාර සහ තායිලන්ත රජයන් ලබා දුන් සහාය අගය කරන බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.
විදේශ රැකියා සොයන විට මිනිස් ජාවාරම් යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ද අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.