Tuesday, March 18, 2025

General line - 0115112241

නව ව්‍යවස්ථාව ගේන දිනය ආණ්ඩුව හෙළි කරයි



ජනතා අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලකිල්ලට ගෙන නිෂ්චිත කාල රාමුවකට අනුව රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

මැතිවරණයේදී දුන් පොරොන්දු අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම රජයේ කාල සටහනට අනුව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය ඉදිරිපත් කළ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කල්තැබිමේ යෝජනාව ඉදිරිපත් කරමින් පළමුව අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතායි.

මේ, විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ද එම විවාදයේදී අදහස් පළ කළා.

විවාදයේ පිළිතුරු කතාව කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා.