නීතිවිරෝධීව මෙරටට ගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 400ක් සමග ඉන්දියානු ජාතික යුවළක් කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු නිලධාරීන් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වන බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි සහ 29 හැවිරිදි ඉන්දියන් ජාතික යුවළක් වන අතර මෙම යුවළ පළමු වරට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ඉන්දියාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන යුවළක් බවද රේගු නිලධාරීන් හමුවේ පවසා තිබේනවා.
ඔවුන් ගමන් මලු දෙකක් තුළ සූක්ෂමව සඟවා මෙම කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් තිබෙනවා.
අත්අඩංගුවට ගත් යුවළ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට ද නියමිත බවයි සදහාන් කර වැඩි දුරටත් සදහාන් කළ සිටියේ.