සෞඛ්‍ය සේවයේ වෘත්තීකයින් මේ වන විට සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට එක්ව සිටින්නේ, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක්.
ඒ, ඔවුන්ගේ දීමනා කප්පාදුවට විරෝධය පළ කරමින්.
ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.
මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.
කෙසේවෙතත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ ඊයේ පැවති සාකච්ඡාවලදී කිසිදු සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි.
එහෙත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ මෙම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ට කිසිදා නොලැබුණු තරම් උපරිම වැටුප් වැඩිවීමක් ලබාදී ඇති බවයි.
කෙසේවෙතත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා, සිය වර්ජනය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
මෙම වැඩවර්ජනය අසාධාරණ බව සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ද පවසනවා.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉරිදා පස්වරුවේ ආරම්භ කළ මෙම වැඩවර්ජනය අද රාත්‍රියේ අවසන් කරන බවයි.