නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළින් පිටකර ගෙන යමින් සිටි රුපියල් හතළිස් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි නාවට්කාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මීට මාස දෙකකට පෙර සංචාරක වීසා යටතේ ඩුබායි වෙත ගොස් ඇති බව අනාරණ වී තිබෙනවා.
සැකකරු එම දුම්වැටි තොගය ඩුබායිවලින් මිලදී ගැනීමෙන් අනතුරුව කුවේට් රාජ්‍යය වෙත පැමිණ ඇති අතර එතැන් සිට ජසීරා ගුවන් සේවයේ ජේ - 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ විදේශයේ නිෂ්පාදිත දුම්වැටි 27,000ක් අඩංගු දුම්වැටි කාටූන් 135ක් සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මේ වන විට පොලිස් ඇප මත මුදා හැර ඇති සැකකරු හෙට දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. ටීකේජී කපිල