Wednesday, March 19, 2025

General line - 0115112241

දසුන් ශානකට කළ වට්ස්ඇප් තර්ජනය ගැන පරීක්ෂණ



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුට එවා ඇතැයි කියන අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩ සහ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් පරික්‍ෂණ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්.

බදුරලිය ක්‍රිකට් සමාජයට අනියුක්තව සිටින පුද්ගලයෙකු විසින් මෙලෙස අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩ සහ දුරකථන ඇමතුම් එවා ඇතැයි සඳහන්.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගමන් මළු රැගෙන යනු ලබන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද පැමිණිලි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එම සිදුවීම පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ද සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

මෙලෙස අපහාසාත්මක වට්ස්ඇප් පණිවිඩ සහ දුරකථන ඇමතුම් එවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දසුන් ශානක වෙත බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.