Wednesday, March 19, 2025

General line - 0115112241

සෝලා අඩපණ කිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්



සූර්යබල විදුලි ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවට එම ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් චෝදනා කරනවා.

ග්‍රීන් පවර් ඇන්ඩ් එනර්ජි ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂ රවී කරුණාරත්න මහතා පැවසුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් දිරිමත් කිරීමට මීටත් වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි. 

ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පැවසුවේ සෝලා පද්ධතියෙන් උත්පාදනය කරන විදුලිය ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කර ගැනීම සඳහා මීට වඩා ක්‍රමවත් සැලසුමක් අවශ්‍ය බවයි. 

මෙම අදහස් පළ වුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.