Wednesday, March 19, 2025

General line - 0115112241

ජපානයේ සිට පැමිණි වාහන 400ක් වරායේ සිරවෙයි



ජපානයේ සිට ගෙන්වූ වාහන 400ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව සිරවී ඇතැයි වාහන ආනයනකරුවන් පවසනවා.

ඔවුන් කියා සිටින්නේ වාහන ආනයනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක රෙගුලාසි මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ ජපානයේ සිට ගෙන් වූ වාහනයි.

එක් නැවකින් ගෙන්වූ සියලු වාහන සඳහා තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබාදී ඇත්තේ එක් සමාගමක් විසින්.

නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව අදාළ සමාගම තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබා ගත හැකි නිර්දේශිත සමාගම් අතරට ඇතුළත්ව නොමැති බවයි වාහන ආනයනකරුවන් පැවසුවේ.

2022 වර්ෂයේ නිෂ්පාදිත වාහනවල නිෂ්පාදිත මාසය නිවැරදිව සොයා ගැනීමේදී මතුව ඇති දුෂ්කරතාවය ද මෙම ගැටළුවට තවත් ප්‍රධාන හේතුවක්.

මේ, මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා.

ඔහු සඳහන් කළේ මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය බවයි.

වසර කිහිපයක් පැවති වාහන ආනයන සීමා ඉවත් කෙරුණේ පෙබරවාරි පළමුවනදා සිටයි.