මාස 09ක කාලයක් අභ්‍යවකාශයේ සිරවී සිටි නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනෙකු වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් නිරුපද්‍රිතව යළි පෘථිවියට පැමිණ තිබෙනවා.
ඔවුන් 2024 වසරේ ජූනි අභ්‍යවකාශය බලා ගියේ දින 8 ක මෙහෙයුමක් සඳහායි.
මෙම ගගනගාමීන් දෙදෙනා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගියද යළි ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේම රැඳී සිටියා.
සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයට ගියේ ද ඔවුන්ගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම සඳහා වීමද විශේෂත්වයක්.
කෙසේවෙතත් ඇති වූ තාක්‍ෂණික ගැටලුවක් මත ඔවුන්ට යළි පෘථිවියට පැමිණීමට නොහැකි වුණා.
පසුව දින 286ක සැලසුම් නොකළ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි ඔවුන් අමෙරිකානු වේලාවෙන් ඊයේ පස්වරුවේ මෙලෙස යළි පෘථිවියට පැමිණියා.
විලියම් සහ විල්මෝර් යළි පැමිණියේ ලොව අංක එකේ බිලියනපතියා වන ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්‘ සමාගමේ ‘ඩ්‍රැගන්‘ කැප්සියුලයේ ආධාරයෙන්.
ඔවුන් දෙදෙනා රැගෙන ඒම සඳහා එම කැස්පියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීන් දෙදෙනකු ද පිටත්ව ගොස් තිබුණා.
59 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 62 හැවිරිදි බුච් විල්මෝර්, නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත්තේ වෛද්‍ය අධීක්ෂණය සඳහායි.
සුනීතා විලියම්ස් ඉන්දියානු සම්භවයක් ඇති බැවින් ඇයව නිරුපද්‍රිතව පෘථිවියට ගෙන දෙන ලෙස ඉල්ලමින් ඉන්දියාවේ දේව යාඥාද සිදුව තිබෙනවා