Wednesday, March 19, 2025

General line - 0115112241

මේ වසර තුළ ඩොලර් බිලියන 19ක අපනයන ආර්ථිකයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ - සුනිල් හඳුන්නෙත්ති කියයි



මේ වසර තුළ ඩොලර් බිලියන 19ක අපනයන ආර්ථිකයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු කියා සිටියේ කර්මාන්ත සඳහා භාවිත කරන ඉඩම් ප්‍රමාණය ඉහළ නැංවීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ කර්මාන්ත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රමාණවත් මුදලක් අයවැයෙන් වෙන්කර නොමැති බවයි.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 17 වන දිනය අදයි. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය එහිදී විවාදයට ගැනෙනවා.