Wednesday, March 19, 2025

General line - 0115112241

සෞඛ්‍ය වෘත්තිකයින් ඇරඹූ වර්ජනය අවසන්



සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද පෙරවරු 07 සිට අවසන් කර තිබෙනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.

ඒ, ඔවුන්ගේ දීමනා කප්පාදුවට විරෝධය පළ කරමින්.