Wednesday, March 19, 2025

General line - 0115112241

අපරාධ රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් අනුව හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් ද සොයා ගත් බවයි බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි ගෝනපාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අවිස්සාවේලිල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ කිහිපයකට මෙම සැකකරු අවශ්‍යකර සිටි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.