යුක්‍රේනය සමග පූර්ණ සටන් විරාමටකට එකඟ නොවන බව රුසියාව අවධාරණය කර තිබෙනවා.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැති දුරකතන සංවාදයකදීයි.
කෙසේවෙතත් රුසියානු - යුක්‍රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියාව මෙහිදී කැමැත්ත පළ කර තිබෙනවා.
ජනාධිපතිවරුන් දෙපළ අතර මෙම දුරකතන සංවාදය පැය 2 කට ආසන්න කාලයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එය අවසන් වූ සැණින් යුක්‍රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින්, රුසියානු හමුදාවට දැනුම් දී තිබුණා.
රුසියානු - යුක්‍රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් අමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රමුඛ යුක්රේන රජය මේ වනවිටත් කැමැත්ත පළ කර තිබෙනවා.