Wednesday, March 19, 2025

General line - 0115112241

නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රාජකාරි කටයුතු බාර ගැනීම හෙට 



මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පත්කර ඇත.

1999 වසරේ දී තක්සේරුකරුවෙක් ලෙස දේශීය ආදායම් සේවයට බැදෙන ඇය ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙක් සහා නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ලෙස උසස් වීම් ලබා විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරියක් ලෙස කටයුතු කරමින් සිට දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජනරාල් ලෙස හෙට දින නිල රාජකාරි කටයුතු භාරගැනීමට නියමිතය.