Monday, April 14, 2025

General line - 0115112241

අවුරුද්දට ආණ්ඩුවෙන් දෙන සහන මල්ල ලක්ෂ 08කට



අලුත් අවුරුද්දට පෙර ලබා දෙන සහන මල්ල ලක්ෂ 08කට වැඩි පිරිසකට ලබාදීමට සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. 

සහන මල්ලේ ඇතුළත් භාණ්ඩ සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

අද මෙලෙස පැවැත්වුණේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි.

මේ, ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා.