රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ දිනයේ ඔහු අධිකරණයට භාර වීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර බන්ධනාගාරයේ රැඳවිය යුතු වුවත් ඔහුගේ ආරක්‍ෂාව පිළිබඳ සලකා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව ඔහු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කිසිදු රැඳවියෙකුට නොගැටෙන සේ වෙනම සිරමැදිරියක රඳවා තිබෙනවා.
අද පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා විශේෂ ආරක්‍ෂාවක් යටතේ මාතර බන්ධනාගාරය වෙත රැගෙන එන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
ඒ සඳහා පොලිස් ආරක්‍ෂාවද ඉල්ලා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
දින 20ක් සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.
ඒ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් පවා නිකුත් කර තිබූ පසුබිමකයි.
එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි ලෙස විවේචනය කළේ ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුට පවා සමාන කරමින්.