අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.
විවාදය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ සිගරට් බද්ද අය කර ගන්නා ආකාරය වැරදි සහගත බවයි.
ඔහුගේ ප්‍රකාශයට මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද මැදිහත් වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද විමසා සිටියේ රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීමේ සූදානමක් පවතීද යන්න පිළිබඳවයි.
ඊට ප්‍රතිචාර දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේ රඳවා ගැනීමේ බද්ද සම්බන්ධයෙන් දැනටමත් බැංකු සහ මූල්‍ය ආයතන වෙත ලබාදී ඇති බවයි.