හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 19යි ග්‍රෑම් 348ක්, හෙරොයින් ග්‍රෑම් 348ක් සහ අයිස් ග්‍රෑම් 04ක් සන්තකව සිටි සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාවේ බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් හා එක්ව කොළඹ 12 ප්‍රදේශයේ නිවසක සිදු කළ පරික්‍ෂාවකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලඹ - 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙක්.
එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 153කට අධික බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය මගින් සිදු කරනවා.