2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතාගේ අත්සනින් අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව එම දිනය ප්‍රකාශයට පත් කළා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම අවසන් වුණේ අද මධ්‍යහ්න 12ටයි.
එතැන් සිට පස්වරු 01යි 30 දක්වා විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබා දී තිබුණා.
අද දිනයේදී පමණක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් දිස්ත්‍රික්ක 25 සඳහා නාමයෝජනා පත්‍ර 2,500කට වැඩි ප්‍රමාණයක් භාර දී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
ඇතැම් දිස්ත්‍රික්කවල සමස්ත නාමයෝජනා පිළිබඳ තොරතුරු තවමත් සැකසෙමින් පවතින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.