මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයින්ට සහය පළ කරමින් රථවාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි පුද්ගලයින් 33 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සඳහා සූදානම් කර තිබූ වාහන 08ක්ද මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
මේ අතර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා භාරදෙන ස්ථානයේ කටයුතු කළ නිලධාරීන් නීතියට පටහැනිව කටයුතු කළ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විරෝධය පළ කර තිබෙනවා.
ඒ, නාම යෝජනා භාර දීමෙන් අනතුරුව විරෝධතා දැක්වීමට ලබා දී තිබූ කාලසීමාවෙන් පසුව තවත් නාමයෝජනා පත්‍රකිහිපයක් දැන්වීම් පුවරුවේ ඇලවීමට කටයුතු කිරීම හේතුවෙන්.
මේ අතර සමස්තයක් ලෙස අද දිනයේ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සාමකාමී පරිසරයක් තුළ සිදුවූ බවයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම ආතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා.