දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා.
මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය ඊයේ පස්වරු 05යි 40 සිට රාත්‍රී 07යි 10 දක්වා පැවැත්වුණා.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ මෙම මස පළමුවන දිනයි.
මේ අතර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායක ජගත් වික්‍රමරත්න මහතා ඊයේ රාත්‍රියේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක දෙක දරණ දේශීය ආදායම් සංශෝධන පනත ලෙස බලාත්මක බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතර මෙම විවාදයට එක්වූ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විපක්ෂය වෙනුවෙන් විවාදයට එක්වුණා.
තාක්‍ෂණික සේවා සඳහා පනවා ඇති බදු සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.