Monday, April 14, 2025

General line - 0115112241

ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට



අරලගංවිල, ඉහළ ඇල්ලේවැව හේන්යායේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් අනුව අරලගංවිල පොලීසිය මගින් සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර, හුංගම, රන්න ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 43ක් වන රන්න, ලේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.