මෙම වසර මුලදී මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත කැනේඩියානුවන් හතර දෙනෙකු චීනයේදී මරණ දණ්ඩනයට ලක් කර ඇති බව කැනේඩියානු බලධාරීන් පවසයි.
එලෙස මරණ දඬුවමට ලක්වූ සිව්දෙනා ද්විත්ව පුරවැසියන් බව පැවසේ.
කෙසේවෙතත් ඔවුන්ගේ අන්න්‍යතාව කැනඩාව මෙතෙක් හෙළි කර නැහැ.
කැනඩාවේ විදේශ ඇමතිනි මෙලනි ජොලි පැවසුවේ දඬුවම ලිහිල් කර ගැනීමට කොතෙකුත් උත්සහ දැරුව ද එය අසාර්ථක වූ බවයි.
මෙම ඝාතන ආපසු හැරවිය නොහැකි සහ මනුෂ්‍යත්වයේ ගෞරවයට නොගැලපෙන බවට චෝදනා කරමින් ඇය චීනයේ ක්‍රියාකලාපය හෙළාදැක තිබේ.
කෙසේවෙතත් කැනඩාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු කැනඩා රජයට පවසා ඇත්තේ වගකීම් විරහිත ප්‍රකාශ කිරීම නවත්වන ලෙසයි.
චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එය නීතියට අනුකූලව ක්‍රියා කර ඇති බවයි.
කෙසේවෙතත් මෙම සිදුවීමෙන් රටවල් දෙක අතර පවතින සබඳතා බිඳ වැටේ යැයි විචාරකයින් සැක මතු කරයි