හීත්‍රෝ ගුවන් තොටුපලේ හදිසි විදුලිය ඇනහිටීමක් හේතුවෙන් අවලංගු වූ ගුවන් ගමන් මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ පැය 18 කට අධික කාලයක් වසා දැමීමෙන් පසුවයි.
හීත්‍රෝ ගුවන්තොටුපළ අසල උපපොලට යලි විදුලිය ලබා දීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ගුවන් යානා කිහිපයක් අදාළ ගුවන් තොටුපල වෙත ලඟා වන ආකාරයේ දර්ශන කිහිපයක්ද විදෙස් මාධ්‍ය මඟින් අනාවරණය කර තිබෙනවා.
ඉදිරි පැය 24 තුළ තවත් ගුවන් ගමන් කිහිපයක් හීත්‍රෝ ගුවන්තොටුපලේ සිට ගුවන්ගත කිරීමට සහ ගොඩබෑමට නියමිත බවයි විදෙස් වාර්තා පවසන්නේ.
පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් කාලසටහනෙන් 85%ක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි එරට රජය සඳහන් කලේ.
කෙසේ වෙතත් ගුවන් ගමන් කිහිපයක ප්‍රමාදයක් සිදු වියහැකි බවද මේ වන විට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම යුරෝපීය රටවල් වෙත පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ.