දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 11.45ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අදාළ තරුණයන් දෙදෙනාට වෙඩි තබා තිබෙනවා.
ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශවලදී අනාවරණ වී ඇත්තේ.
එම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනෙක්.
එම තරුණයන් දෙදෙනා දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගිවි යළි පැමිණෙමින් සිටියදි වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
ඝාතනය සිදුවු ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ කොපු 39 ක්, ජිව උණ්ඩ 02 ක්, මිලිමීටර් 9 උණ්ඩ කොපු 03 ක් සහ ජිව උණ්ඩ 01ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන වැන් රථයක් දෙවිනුවර වැල්ලමඩ සිට වරායට යන මාර්ගයේදී ගිණිතබා තිබෙනවා.
එම වෑන් රථය සම්පුර්ණයෙන්ම ගිණිගෙන ඇති අතර වෑන් රථයේ තිබූ ටී56 හිස් මැගසින් ඵකක් සහ ඵම උණ්ඩ කොපු 03 ක් ද ගින්නට හසුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
දැනට ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදුකරන පටබැදී මද්දුමාගේ ෂෙහාන් සත්සර නොහොත් බාලේ මල්ලීගේ පාර්ශවයෙන් පලිගැනීමක් ලෙස එම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ගන්දර පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.