Saturday, March 22, 2025

General line - 0115112241

කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට 



කේරළ ගංජා කිලෝ 02 ග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩාමක් විසින් තලෛලෙමන්නාරම පොලිස් වසමේ තලෛමන්නාරම රෝහල අසල එම වැටලීම සිදු කර තිබුනා.

එහිදී කේරළ ගංජා කිලෝ 02 ග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුද 29ක් වන තලෛමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව තලෛමන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා 

තලෛමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.