ලොව වඩාත් ආකර්ශනීයම මෙන්ම අතිදැවැන්තම තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය අද ආරම්භ වනවා.
ඒ අනුව, පළමු තරගය පසුගියවර ශූර කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වෙනවා
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 7 .30 ට ආරම්භ වන්නේ කොල්කටා ඊඩන් ගාර්ඩන්ස් ක්‍රිඩාංගණයේදීයි.
2008 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 18වන වරටයි.
තරගාවලිය ආරම්භයට පෙර කොල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.
බොලිවුඩ් නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු ජනප්‍රිය තරු රැසකගේ සහභාගිත්වයෙන් අතිඋත්කර්ශවත් ලෙස මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමතයි.
කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මැයි මස 25 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.