ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පිටිය ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
එම සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා දී ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.