මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස්, ගංජා, ගංජා මිශ්‍ර මදන මෝදක සහ දුම්කොළ මිශ්‍ර මාවා සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
නල්ලතන්නිය, මස්කෙලිය, පොල්පිටිය, නෝටන්බි්‍රජ්, ගිනිගත්හේන සහ නෝර්වුඩ් පොලිස් ස්ථානවලින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස 25ත් 40ත් අතර පසුවන එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර අමතර උපාංග සවි කර ශ්‍රි පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථ කිහිපයක්ද මෙහෙයුම්වලට එක් වූ පොලිස් නිලධාරින් විසින් පරික්ෂා කර තිබෙනවා.
ඒ අනුව එම බස් රථවල සවි කර තිබු මගින්ට අවදානම් සහිත උපාංග ගලවා ඉවත් කිරිමට අදාළ බස් රථ රියදුරන්ට පොලිස් නිලධාරීන් විසින් උපදෙස් ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.