Sunday, March 23, 2025

General line - 0115112241

හොර පාරෙන් මෙරටට රැගෙන ආ එන්සාල් සහ කෘමි නාශක තොගයක් සොයාගනී

ජූඩ් සමන්ත



ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද එන්සාල්  සහ කෘමි නාශක තොගයක් කල්පිටිය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය - රෝමාණු කතෝලික විද්‍යාලය ආසන්නයේදීයී.

එහිදී සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම එන්සාල් තොගය සහ කෘමි නාශක තොගය ප්‍රවාහනය කරමින් තිබූ ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.  

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.