Sunday, March 23, 2025

General line - 0115112241

රටට අලුත් ගමනක් සහ අලුත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව සජිත් කියයි

නිරෝෂන්



රටට අලුත් ගමනක් සහ අලුත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීම වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව කියාසිටියා.

සිය කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ හේතු සම්බන්ධයෙන්ද විපක්‍ෂ නායකවරයා එහිදී අදහස් පළ කළා.


කෙසේවෙතත් විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී සම්මතවිම සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා දැක්වූයේ මෙවන් අදහසක්.