පාතාල කල්ලි සාමාජිකයන්ගේ නම් භාවිත කරමින් දුරකතනය හරහා තර්ජනය කර ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු මාතර, දෙයියන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කප්පම් ලබා ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබූ බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහාය ඇතිව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවි 02ක්, ජීව උණ්ඩ 15ක් සහ ජංගම දුරකතන 07ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
තිස්සමහාරාමය හා දෙයියන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වන එම සැකකරුවන් දෙදෙනා මුදල් වංචා සම්බන්ධයෙන් වරදකරු වී වසර ගණනාවක් සිරදඬුවම් විඳ බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඇති බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.