කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගය විසින් ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා මහතා නම්කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ වෛද්‍ය රුවේස් හනීෆා මහතා පොදු ජනවාදී වෘත්තිකයෙකු බවයි.
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පිහිට වූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා හෙවත් කරුණා අම්මාන් එක්ව තිබෙනවා.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට මඩකලපුවේදී අද අත්සන් තැබුණා.
නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් ද මීට පෙර එක්ව තිබෙනවා.