Monday, March 24, 2025

General line - 0115112241

දේශබන්දුගේ ඉල්ලීමකට, දුම්බර බන්ධනාගාරයෙන් අනුමැතිය



රක්ෂිත බන්ධනාගාරගත කළ, සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට දුම්බර බන්ධනාගාරයෙන් අවසර හිමිව තිබෙනවා.

තමන්ට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වෙනුවට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර දෙන්නැයි දේශබන්දු තෙන්නකෝන් මහතා ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව ඊයේ දහවල් ආහාර වේලේ සිට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට ඔහුට අවසර ලබාදුන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා පවුලේ ඥාතීන් කිහිප දෙනෙකු ඊයේ දිනයේ දුම්බර බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් බන්ධනාගාර නීතියට අනුව අද දිනයේ පිටතින් පැමිණෙන කිසිවෙකුටත් දේශබන්දු තෙන්නකෝන් මහතා හමුවීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔහු දුම්බර බන්ධනාගාරයේ මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක උඩු මහලේ වෙනම රඳවා සිටිනවා.

ඔහුට සිරමැදිරිය තුළ භාවිත කිරීම සඳහා බන්ධනාගරයෙන් පැඳුරක් ද ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.