Monday, March 24, 2025

General line - 0115112241

වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සංගණනයක්



මෙරට වෙහෙර විහාරස්ථාන පිළිබඳ සංගණනයක් සිදු කිරීමට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.

එහි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ දුෂ්කරතා සහිත වෙහෙර විහාරස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට එලෙස සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.


එවැනි වෙහෙර විහාරස්ථාන නගා සිටුවීම සඳහා අමාත්‍යංශය සතු ප්‍රතිපාදන යොදාගත හැකි බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.