Monday, April 14, 2025

General line - 0115112241

IPL පළමු තරගයේ ජය රෝයල් චැලේන්ජසර් බැංගලෝර් කණ්ඩායමට



ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වන අදියර ඊයේ රාත්‍රියේ ආරම්භ වුණා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි.

තරගය පැවැත් වුණේ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්ස් ක්‍රීඩාංගනයේදීයි

ඒ අනුව පළමු තරගයෙන්ම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩුලු 07ක ජයක්  හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර් බැංග්ලෝර් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් නායක රාජත් පටිදර් පළමුව පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අරාධානා කළා.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් සුනිල් නරායන් පන්දු 26ක් තුළ ලකුණු 44ක් ලබාගත් අතර ඔහුගේ ඉණිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්. 

ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 02ක් තුළදි කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.