Monday, March 24, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු සූදානම් - පැෆ්රල් සංවිධානය



පළාත් පාලන මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් කළ පරිදි එම නිරීක්ෂණ කටයුතු මෙම මැතිවරණයේදී ක්‍රියාත්මක කරන බවයි.


මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා ලබාදීම සඳහා අපේක්ෂකයන් විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.