සීදූව පොලිස් වසමේ කිදිගොඩ, බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ පැවති ෆෙස්බුක් සාදයක් වටලා 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අදාළ හෝටලය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ෆෙස්බුක් සාදයක් පවත්වන බවට සීදුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුවයි.
එම සාදයට සහභාගී වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බවත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි ද සොයාගත් බවත් පොලීසිය පැවසුවා.
එහිදී එම මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකාරියන් 03ක් සහ සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සාදය සඳහා සහභාගි වූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ. සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.