දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අද පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව ලබන 29 වනදා දක්වා එම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.
සැකකරුවන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම අවසරය ලබාදී තිබෙනවා.
එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.