නීති විරෝධී ලෙස මෙරටට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන බංග්ලදේශ ජාතික පිරිමි පුද්ගලයන් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔවුන් යුරෝපයට පළා යාමේ අදහසින් මෙරට රැඳී සිට ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විටත් එම විදේශිකයන්ට මෙරට රැදී සිටීමට හිමිව තිබූ වීසා කාලය ද ඉක්මවා ගොස් ඇති බවයි.
එම බංග්ලාදේශ ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස්, එතැන් සිට ඊජිප්තුව වෙත ඇතුළු වී ඉන්පසුව මධ්‍යධරණී මුහුද තරණය කර, යුරෝපය වෙත පිවිසීමට සැලසුම් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
එලෙස අත්අඩංගුවට ගත් බංග්ලදේශ ජාතිකයන් පිරිස එරටට පිටුවහල් කරන තෙක් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.